ඔව් මම ඩාන්සින් කරන්නේ… එක මගේ හැමදේම කියලා කිව්වොත් හරි. තවත් විදියකට කිව්වොත් ඔයා කැම් එකට කොච්චර ලව් ද අන්න ඒ වගේ තමයි මට ඩාන්සින්. එතනදි මට සමාජේට පිලිතුරැ දීම වැදගත් නෑ මොකද මං ඒ ගැන හිතුව නම් අද මෙතන නෑ. අනික මම සමාජේට බයේ තීරණ ගන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ වෘත්තිය ඩාන්සින් කිව්වම බහුතරයකට අඩි සීයේ පාර ගාවයි පට්ට ක්රව්ඩ් එකක් ඉස්සරහා පත ස්ටේජ් එකක අඩ නිරැවත් කෙල්ලෙකුයි පී ඩයල් කොල්ලෙකුයි මතක් වෙන්නේ. එහෙම හිතුවත් කමක් නෑ දහයක් ඉස්සරහා වචනයක් ගැටගහගන්න පුලුවන් නම්. මිනිස්සු ඇයි මෙහෙම? ඇයි අනිත් වෘත්තීන් වල මිනිස්සුන්ට වරදින්නෙ නෑ ද? අතලොස්සක වැරදි වලට කිසිම වෘත්තියකට නිග්රහා කරන එක වැරදී. ඩාන්සින් ගැන කිව්වොත් හසගනක් හො ක්ලබ් ඩාන්ස් විතරද මතක් වෙන්නේ? උඩරට පහතරට වන්නම් ඇයි එවා ඩාන්සින් නෙමෙයි ද? වෘත්තිය නෙමෙයි දිනිදු මිනිස්සුන්ගෙ හිතයි කැත. තමන් කරන වැඩේ විතරයි අගයන්න දන්නේ. හිතන්න කෙනෙක් ඉන්නවා ඇයට නටන්න විතරයි පුලුවන් ඇය අර සින්දු වලට නටලා කියක් හරි හොයාගෙන ගෙදරට අඩුපාඩු අරං නංගි මල්ලීට ක්ලාස් වලට වියදම් කරලා ජිවත් වෙනවා කියලා. එකිට පද හදන එකෙක් එකිට නිකන් සල්ලි දෙයිද? අමම් තාත්තා ගැන බලයි ද? කතා කරයි නොයෙක් දේ කියලා මම ඔයාව අර නලිකාවට යවන්නම්, වැඩ සෙට් කරන්නම්, කියාගෙන එන්නෙ දේව දූත මූඩ් එකෙන්, බට් දවසයි දෙකයි. අඩුම තරමේ එකිට රැකියාවක් හොයලා දෙයිද? ගෙදරට වෙලා අම්මා උයලා දෙනකන් ඉදලා තාත්තාගෙ සල්ලි වලින් ඩේටා දාගෙන බුකියේ අනුන්නේ රෙදි ගැලැවෙනකන් බලන් ඉන්න අය දෙන්නෙ ලොරි ගනන් පොර ටොක්ස්. මමත් ඩාන්සින් කරේ. කැලණි කැම්පස් ඩිග්රි එක කරේ. අද ගුරැවරියක්. වැල්ලට එන හැමෝම වැල්ලේ කක්කී කරන්නෙ නෑ.
– ඈ ඩාන්සින් ගුරැවරියක්
හිතුණා ඒ වචන ටික ගලපන්න.

– කැටේ

Previous articleසමාජේ ඇයි මෙහෙම සිබිල් නැන්දේ ?
Next articleනැතිවුන ආදරේ නහයට දාන්න !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here