එකම එක පාරක් ඔයා මට කියනවා ද

ආදරේයි කියලා…

ඔයා එක්ක දුර ගමනක් යන්න මාත් එන්නද…

ආසයි අහන්න.. ආසයි දකින්න ඔයාගේ ආදරේ ලග කිරිල්ලියක් වගේ ඉන්න. ඉතිං එකම එක පාරක් මට කියනවා ද ආදරේයි කියලා…

ඉතිං උබත් මග බලන් ඇතිනේ ද ඒහෙම ආදරයක් එක්ක.සමහර විට උබට එහෙම ආදරයක් ලැබිලත් ඇති..

ආදරය කියන අකුරු හතරට අපි හැමෝම කැමතියි..

අපි හැමෝටම කොහේ හරි ඉපදුණු නැතිනම් ඉපදී මිය ගිය ආදර කතාවක් තියනවා. අනේ නෑ නෑ කියලා කිව්වට අපි හැමෝම ලග එහෙම හැංගිච්ච ආදර කතාවක් තියනවා..

අපි උපන්නේ ආදරෙත් එක්ක .කවුරු හරි ඇහුවොත් ඔයාගේ ප්‍රථම ආදරය කවුද කියලා මං කියන්නේ ඒ තමයි මගේ දෙමාපියෝ . අපිට මුලුන් ම ආදරය හම්බෙන්නේ අපේ අම්මගෙන් හා අපේ අප්පච්චීගෙන් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද ඒ තමා අපි හොයන අපේ ප්‍රථම ආදර කතාව. අපි ආදරය කියන අකුරු හතර හරියාකාරව ඉගෙන ගන්නේ එතනින්.ඒත් අපිට ඒ තැන අමතක උනානේද . අපි උත්මහත් වෙලා ටිකෙන් ටික අපි සමාජය හොයද්දී අපි ඒ එක්කම හොයනවා අපේ ලගම රැදෙන ආදරයක් .අපි අපේ අවසන් ගමන දක්වා ආදරය හොයනවා.ඉතිං ආදරය නම් විවිධාකාරයි.

අපි හැමෝම කැමති අපි ආදරය කරන කෙනාගේ ආදරය ලබන්න එත් අපි හැමෝටම එහෙම අවස්ථාවක් ලැබෙනවා ද ,ආදරය ලග ආදරය විදින උන්, දුරින් ඉදගෙන ඒ දිහා බලාගෙන ඉන්න උන්,ඉකි ගසා ආදරය හොයන උන් අනේ තවමත් මේ සංසාරේ ඇති. එහෙමයි කියලා අපි හැමෝටම අපි හොයන ඔය කියන ආදරේ ලැබුනා ද.. මං ඇහුවේ අපී හැමෝටම ලැබුනාද කියලා නෑනෙ ද…

මේ අහපන්.. අපි හිතන විදියට අපිට හැමදේම ලැබෙන් නෑ බං.උබ සමහර විට ඔය කියන ආදරේ ලග රැවටිලා ඇති.ආදරෙයි කියලා කියා ගන්න බැරිව උබ ගොලුවෙලා ඇති.උබේ හිත උබෙන් අහනවා ඇති එයාගේ තත්වෙට ඔයාගේ ආදරේ ගැලපෙයි ද .එයා අකමැති උනොත් අනේ මං මොකද කරන්නේ.කැමති උනොත් උබ හිතයි උබ තරම් වාසනාවන්තයෙක් නැහැ කියලා.

එත් බං ආදරය කියන්නේ එක හිතක් ලග උපදින දෙයක් නෙවෙයි.. ආදරය කියන්නේ මෙන්න මෙහෙම එකක්..
දෙහිතක් ලග එකට හැප්පෙන එකට හමුවවන වචනයෙන් කියා ගන්න බැරි අපුරු හැගීමක්,එක හදවතකට විතරක් ම දැනෙන දෙයක්ම නෙවෙ එය එකිනෙකා මනසින් තේරුම් ගැනිමක්..ඉතිං ආදරය නම් එක හිතක් තුල නොව සැබෑම ආදරය නම් දෙහිතක් ලග ඇතිවන සුන්දර අකුරු හතරකි එකතුවක්. අන්න ඒකයි අපි හැමෝම හිතන විදියට අපිට තාමත් අපේ ආදරය හමු නොවුනේ.. හැබැයි එහෙම කියලා දෙහිතම ලග ආදරය හමු උනානම් අද උබත් හරි ලස්සනට එයත් එක්ක ආදරය ලග ආදරය විදිනව ඇති. එක් හිතින් ආදරය විදින විදවන උන් මග තාම මග බලන් ඉන්නවා ඇති. එත් දවසක උබට ම කියලා දැනෙන ආදරණීය හිතක් අනිවාර්යයෙන් ම කොහේ හරි ඇති….ඒ දෙහිතම හමුවුන දවසක මග හැර ගන් එපා…

ඉතිං එතකන් පරිස්සමින්…

ගිමා..✍️

හිතට එකඟයි නම් අදහස කොටාගෙන යන්න පුළුවන්…..

Previous articleපිරිමි ඔක්කොම එකයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here