ආදරණිය සමාජයකට ආරමිභයක් තබමු.
මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මිනිහාගේ නෝනට ඕනවුනාලු හිටපු ඉස්කෝලෙන් වෙනත් ඉස්කෝලෙකට මාරුවක් හදාගන්න. ඉතින් මිනිහා අඳුරන යාළුවෙක්ගෙ මාර්ගයෙන් දේශපාලකයෙකුට කතාකලාලු.

ආදරණිය සමාජයකට ආරමිභයක් තබමු.
මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මිනිහාගේ නෝනට ඕනවුනාලු හිටපු ඉස්කෝලෙන් වෙනත් ඉස්කෝලෙකට මාරුවක් හදාගන්න. ඉතින් මිනිහා අඳුරන යාළුවෙක්ගෙ මාර්ගයෙන් දේශපාලකයෙකුට කතාකලාලු. වැඩේ කරගන්නම ඕන හින්දා මිනිහා නෙමෙයි නෝනා තමයි කතා කරලා තියෙන්නෙ. කොහෙම හරි ෆෝන් එකෙන් ලිංගික අල්ලසක් අර දේශපාලකයා ඉල්ලලා. යාළුවත් හරි අපූරු දෙයක් කරලා. ඒ තමයි මුදලට ගණිකා වෘත්තියේ යෙදෙන ගැහැනු කෙනෙක් හොයාගෙන තමන්ගෙ නෝනා වගේ දේශපාලකයා ගාවට යවලා මාරුවීම හදාගෙන. මාරුව සාධාරන එකක් ද කියලා මම යාළුවගෙන් ඇහුවා. මිනිහා කිව්වා අවශ්‍ය කාලයටත් වඩා දුෂ්කර සේවයේ ඉඳලා තමයි මාරුවීම ඉල්ලුවෙ , ඒත් ඒක ගන්න ලිංගික අල්ලස් දෙන්න වුනා කියලා. කොහෙම හරි ඊට පස්සේ යාළුවා ෆෝන් නම්බර් එකත් අයින් කරලා සිද්ධිය අමතකම කරලා දාලා.. දවසක් නෝනගෙන් කෝල් එකක් එනවලු දේශපාලකයා නෝනව හොයාගෙන මාරුවීම හදලා දීපු ඉස්කොලේට ඇවිත් කියලා. යාළුවා නෝනාට කිව්වලු ගිහින් දේශපාලකයා හමුවෙලා ෆෝන් එක දෙන්න කියලා. ඉතින් යාළුවගේ නෝනත් ගිහින් තමන්ගෙ නම කියලා තමාව හඳුන්වලා දීලා. එතකොට දේශපාලකයා ඒක පිලිගත්තෙම නහැලු. කොහොම පිලිගන්නද දෙයියනේ තමන් බුදියගත්ත ගෑණි නෙවෙයිනෙ මේ ඉන්නෙ.. පස්සේ ගුරුනෝනා ෆෝන් එකෙන් දේශපාලකයාට තමන්ගේ මහත්තයාව ඒ කියන්නේ මගේ යාළුවා සම්බන්ධ කරලා දීලා… එතකොට මගේ යාළුවා වෙච්ච දේ කියලා.. ඒ ගනුදෙනුව ඉවරයිනේ දැන ආයෙත් එන්න එපා, එහෙම ආවොත් මීඩියා වලට විස්තරේ දෙනවා කියලා. දේශපාලකයත් ලැජ්ජාවෙන් යාළුවගේ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන පිටවෙලා ගිහින්. ෆෝන් නම්බර් එක ගත්ත නිසා යාළුවත් ටිකක් බයවෙලා.. කොහෙම හරි ඒ සිද්ධියෙන් විනාඩි දහයකට පස්සෙ දේශපාලකයා යාළුවට කෝල් කරලා අර ගණිකාවගේ ෆෝන් නම්බර් ඒක ඉල්ලුවලු. කොහොමද ලැජ්ජනැති කම නෑ නෑ කුපාඩිකම නැත්නම් අසහනය මහමුදලිකමටත් වඩා ලොකුයි
නේද?
සම – හරක් දේශපාලකයිනගේ කැරැට්ටුව තමයි ඒ. මම මේ කතාව කිව්වෙ ලඟදි මහා මැතිවරණයක් එනවා. ඔයාලා අත්විඳලා ඇති නැත්නම් අහලා ඇති මෙවැනි දේශපාලකයන්ගැන. ඒ අය මේ පාර ගෙදර තියන්න. සමාජයට ආදරේ කරන, සමාජය ආරක්ෂා කරන, සමාජ බැඳීම් තහවුරු කරන අය විතරක් මැති සබේට එවන්න.. එතකොට අපිට මේ රට ඇතුලේ ආදරණිය සමාජ වටපිටාවක් බිහිකරගන්න හෝ ඒ සඳහා ආරම්භයක් හරි තබන්න පුළුවන් වෙවි.

– දිනේශර පුංචිහේවා
#Samajee #Magazine

Previous articleලියන අය ගැන නොහිත, කියවන්න ටික දවසක් ඉවසන්න.
Next articleතාරුණ්‍යය සීමාව දැනගෙන රැඩිකල් වුනොත් වැඩිකල් ඉන්න පුලුවන්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here