Lifestyle – Samaje.lk https://www.samaje.lk Sun, 03 Jul 2022 11:39:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.2.5 https://www.samaje.lk/wp-content/uploads/2020/06/favicon-eka.jpg Lifestyle – Samaje.lk https://www.samaje.lk 32 32 පිරිමි ඔක්කොම එකයිද ? https://www.samaje.lk/2020/08/25/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%af/ https://www.samaje.lk/2020/08/25/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%af/#respond Tue, 25 Aug 2020 18:35:38 +0000 https://samaje.followmelk.com/?p=420 පිරිමි ඔක්කොම එකයිද ?
මේකත් කියවලා ඔබත් සමාජෙට කියන්න !

“හීන අස්සෙ තෙරපිලා,තෙරපිලා.. වැටිලා තුවාලවෙලා.. මම ආදරයක් නිසා අවුරුදු ගානක්ම වේදනා විඳිනවා..
ඇහිපිය ගහන්න බැරි තරමටම කඳුළු නැතුව,මම හිතෙන්නෙ මේ ඇස් ඉඩොරයකට අහුවෙලා.. දුක කාටවත් කියන්න බැරි තරමට දෙතොල් වියලිලා ගිහිල්ලා..

මේ වචන ටික වසර ගණනාවක අතීත ආදර කතාවකට හිමිකම් කියන ලස්සන කෙල්ලෙක් දුක පුරෝගෙන කිව්ව කතාවක් !

නොයෙකුත් අය එක එක විදියට නිර්වචනය කරන ආදරය, මේ කෙල්ල හරි වෙනස් විදියකට විස්තර කරා…

එක මෙන්න මෙහෙමයි…

ජීවත්වෙන්නම් වාලේ ජීවත්වෙන, ආදරය, සෙනෙහස, අවංකකම, තමන්ගෙ තාත්තාගෙන් හැර අන් කිසිම පිරිමියෙක් ලඟ නැ කියනඑකයි ඈ දරන මතය..
දිගු කාලීන ආදරයකට නැවතිමේ තිත තබලා ඈ මුළු පිරිමි සංහතියටම වෛර කරන්න පටන් අරන්… හොඳක් කරත් නරකක් කරත් “පිරිමි ඔක්කොම එකයි” යන්න ඇය ප්‍රිය කරන, නිතරම කියන වචන ටික වෙලා..
ආදරය විඳින්න පුළුවන් නම් ගොඩාක් දේවල් හුඟක් කල් නොයා තේරුම් ගන්න පුලුවන් කියල මම කීවත්, ඈ නොන්ඩියට මට හිනා වුනා..

“දහසකුත් නීති මැද, මගේ ආසාවන් එකෙන් ඒක කැප කරලා, ගෙදරින් යුද්ධය ප්‍රකාශ කරද්දී , හරි ආදරෙන් ඒ හැමදේ දරාගෙන හුරතලෙන් තුරුල් වුනේ, හිත රිදේද්දී කඳුළු හංගන් හිනාවුනේ, මම මගේ මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරපු නිසා…
ආහ් පොඩ්ඩක් නවතින්න !
ඔයාගෙ හිත කොතනද කියන්න මම දන්නේ නෑ මේ වේලාවේ. වරදවා තේරුම් ගන්න එපා අපි අතරේ වැරදි දෙයක් නම් වෙලා නෑ.. එත්…
ඒත් මම රැවටුනා !
” පිරිමි ඔක්කොම එකයි….”
ටිකක් කියවන ඒක නවත්තලා හිතන්න මේ එ කෙල්ලගෙ කියවිල්ලේ වේදනාව.
දුක පෙන්නන්න කැමතිත් නෑ… වේදනාව අඩුකරගන්න කාටවත් ලංවෙන්නෙත් නැ..

ඇය අද මෙහෙම කියෙව්වට වෙනදට වචන දහයක් කතා කරන කෙනෙක් නෙවෙයි.ඇයට හිතෙන්න ඇති ඇයි මේ දේවල් මං වෙන කාටවත් කියවන්නෙ කියලා.. ??
නමුත් ගොඩක් දේ එ වෙනකොටත් ඇය මට කියලා ඉවරයි…
ඇය පලිගන්නෙ ඇයගෙන්මයි.මට දුක ඒකයි.ඇයට දැන් හොඳයි කියලා හිතෙන දේ මොකද්ද ? අන්න ඒ දේ කරන්නයි ඇයට අවශ්‍ය.

කෙනෙක් දෙන්නෙක් ඇවිත් මගෙ හදවතට තට්ටු කරනවා.කාට දොර අරින්නද හිතාගන්න බෑ.. නැහැ !
නැහැ මට එකෙක් වැඩක් නැහැ !
” පිරිමි ඔක්කොම එකයි ” ඇය කියන්නෙ එච්චරමයි.මට මේ කියන හරුප තේරුනේ නැති තැන මම ඇහුවා මොකද්ද දැන් ආදරේ කියන්නෙ කියලා… ?

” මට තේරෙන්නෙ ඒක දෙයයි..
හිත ඉල්ලන්නෙ සැනසීම.ඒත් උරුම දුක..
ඒ දුක දන්නෙ අපිමයි..

අයියේ.. ආදරේ කියන්නෙ ආවම සතුටුවෙන
ගියාම දුක්වෙන
ජිවිත වෙනස්කරන
නිවි නිවි පත්තුවෙන
ටියුබ් ලයිට් එකක් !

ඒහෙම කියපු ඈ එකපාර නැගිට්ටා..
ඇය කාලත් ඉවරවෙලා
එතකොට මම,
තාම කන්න පටන් ගෙනත් නැහැ..

යන්නම් අයියේ..
ඇය ගියා !

ඒත් ඇගේ ජීවිතය කොහෙ යයිද කියන්න මම දන්නෙත් නැහැ

ඇයද හරි ? මමද හරි ?
ලෝකයද වැරදි ?
සියල්ල මවාපෑමක් වෙලා..

පිරිමි ඔක්කොම එකයිද ?
හැබැයි ඔක්කොමටම බැරිද තාත්තෙක් වගෙ වෙන්න … ?

– කැටේ

]]>
https://www.samaje.lk/2020/08/25/%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b6%94%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%9c%e0%b6%b8-%e0%b6%91%e0%b6%9a%e0%b6%ba%e0%b7%92%e0%b6%af/feed/ 0
හිමිනොවනා බව දැනුනත්… https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/ https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 25 Aug 2020 18:33:43 +0000 https://samaje.followmelk.com/?p=417 හිමිනොවනා බව දැනුනත්…

රාම්, ඔයා හුඟක් දුර ගියාද ?

නෑ ජානු ! මම තාමත් ඔයා බැහැලා ගියපු තැන..

චිත්‍රපටියෙ නම 96′. බලපු කෙනෙක්ට නම් මේ දෙබස අමතක නැතුව ඇති.රාම්ට පාසල් කාලයෙ හිටිය හොඳම යෙහෙළිය, එකම ආදරවන්තිය ජානු. අවුරුදු ගණනාවකට පස්සෙ දෙන්නා මුණගැහෙනවා. අහන්න දේවල්, කියන්න දේවල් කොයිතරම් තිබුණත් කාලය ඒ දෙන්නට හරස්වෙනවා. තාමත් රාම් ජානුටත්, ජානු රාම්ටත් ආදරෙයි. ඒත් ආයෙ කවමදාකවත් ඒ ආදරේ කටින් පිටවෙන එකක් නැහැ. සමහර ආදර කතා එහෙමයි. අහිමි උනත් නිමාවක් තියන්න බැරි තැන් අනන්තයි..

මේ වගේම කතාවක් ඔබට තියෙන්න පුලුවන්. හැබැයි මේ කියන්න යන්නෙ වෙනස්ම දෙයක්. ජීවිතේ එකතැනකදි අපි තීරණයක් ගන්නවා අපිට මුණගැහෙන අය අතරින් මේ තමයි මගෙ හොඳම යාලුවා කියලා.තමන්ගැන හැමදේම කියන්න පුලුවන් කෙනෙක්, තමන්ගෙ හීන ගැන දන්න කෙනෙක්, තමන් බය මොනවටද කියන්න දන්න කෙනෙක් මෙන්න මේ හැමදේම දන්න කෙනා වෙන්නෙ ඔබේ හොඳම යාලුවා. බැරිවෙලාවත් වෙන ආදර සම්බන්ධයක් තිබුණොත් ඒ ගැන දැනෙන හැඟෙන දේත් කියන්නෙ මේ යාලුවට නේද ?
කාලයත් එක්ක මේ යාලුකම අස්සට ආදරේ රිංගනවා. වේදනාව පටන් ගන්නෙම එතනින්..
ආදරේ කියන්න ගිහින් යාලුකම නැතිවෙයිද හිත හිතම පිච්චෙනවා. අන්තිමේදි කොහොමහරි ” මම ආදරෙයි ” කියනවා.
දැන් ඔබට හිතෙනවා ඇති අනිත් අතට මමත් ආදරෙයි කිව්වානම් ප්‍රශ්නෙ ඉවරයි, ආදරේ නැ කිව්වොත් තමයි ප්‍රශ්නය කියලා.. ඒක එහෙම නෙවෙයි. ආදරේ නොකිව්වානම් උඹ මාසයක් දෙකක් අවුලෙන් ඉදලා ආයෙ යාලුවෙක් වගේ කතාකරන්න පටන්ගනී. හිතන්න තමන්ගෙ හොඳම යාලුවා තමන්ගෙ ආදරේ උනොත් …. ?

හොඳම යාලුවයි,ආදරෙයි අතර මහ වෙනසක් නෑ වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. හොඳම යාලුවා දවස ගානෙ ගෙදර එනවා යනවා උනත් ආදරේ හැමදවසෙම ගෙදර නවතින තැන දක්වාම එනවා. හොඳම යාලුවා එක්ක කාපු එක බත්පත දවසක උයාගන්න වෙන්නෙ ආදරෙත් එක්ක. වගකීම්, කැපවීම් එක්ක ආදරේ හරි බරට දැනෙනවා.යාලුකම තරම් නිදහසක් නොදැනෙද්දි ” යාලුවො වගේ හිටියනම් ” කියන හැඟීම ඔලුවට එනවා. ප්‍රශ්න, රණ්ඩු එන්නෙම එහෙම..

මේ ලෝකෙ ආදරවන්තයො සහ හොඳම යාලුවො කියලා දෙගොල්ලක් මවලා තියෙන්නෙ අන්න ඒ නිසාමයි..

ආදරවන්තයො ළඟ තියෙන්නෙ ආදර කතා
හොඳම යාලුවො ළඟ තියෙන්නෙ ආදරෙන් පිරුණු කතා

ඉතින් යාලුකමයි, ආදරෙයි පටලගෙන විඳවන්න එපා !

” හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.. “
ආදරණීය යාලුවෙක් වෙන්න !

නිශාරා සමාධි

]]>
https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/feed/ 0
මගහැරෙනවා නොවෙයි මගහැරගන්නවා https://www.samaje.lk/2020/07/13/%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%9c%e0%b6%b1/ https://www.samaje.lk/2020/07/13/%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%9c%e0%b6%b1/#respond Mon, 13 Jul 2020 07:53:27 +0000 https://samaje.followmelk.com/?p=405 අපිට බොහෝ දේ මගහැරෙනවාද? මගහැර ගන්නවා ද? මේ ප්‍රශ්නය මම ඔබෙන් අහන්නෙ ඔබට හිතලා බලල උත්තරයක් දෙන්න.. ඒ උත්තරේ ඔබ දෙන්න කලින් මම ඔබට පුංචි කතාවක් කියන්නම්.. ඒ කතාව මෙන්න මෙහෙමයි…
එක්තරා දේශසීමාවක මුරපොළක් තිබුනා. ඒ මුරපොළ හරහා කපුටෙක්ටවත් එහා මෙහා යන්න බැරි ගානට තමයි ඉන්න සෙබලු හැසිරුනේ.. සතියකට වරක් දේශසීමාවේ එක පැත්තක ඉඳන් අනිත් පැත්තට මැදිවයසේ මනුස්සයෙක් බයිසිකලයක පිටුපස තියාගෙන තණකොල ගොනියක් රැගෙන යනවා.. සෙබලුන් තණකොල ගහක් ගානේ පරික්ෂා කරන්නෙ නීතී වීරෝධිව පුංචි හෝ දෙයක් ගෙනියනවා නම් අල්ලගන්න බලාගෙනයි… ඒත් කිසිම දවසක කිසිම නීතී විරෝධි දෙයක් මුරසෙබලුන්ට අහුවුනේ නැහැ.. මෙහෙම මේ මනුස්සයා අවුරැද්දක් විතර සතියට දවස ගානේ මුරපොළ හරහා ගියා.
ඊට පස්සෙ අර මනුස්සයාගේ ගමන නතර වුනා. ඊටත් වර්ෂ ගනකට පස්සෙ එක්තරා නගරයකදි අර මනුස්සයාව ඒ මුරපොළේ සෙබලෙක්ට හමුවෙනවා.. දෙන්නා මදුවිතෙන් එහෙම සප්පායම් වෙලා කතාවේ යෙදී ඉන්නකොට සෙබලා තමන්ගෙ හිතේ තියන ප්‍රශ්න අහනවා…
මට කියනවකෝ තමුසෙ මෙකද අර ඉස්සර සතියකට වරක් කිසි වැදගත්කමකට නැති තණකොල ගෝනියක් මුරපොළ හරහා අරගෙන ගියේ? ”

ඒකට අර මනුස්සයට හිනා යනවා සෙබලා අහනවා ඇයි කියලා… එතකොට අර මනුස්සයා මෙහෙම කියනවා.

”ඔයාට දැන් කිව්වට කමක් නැති හින්දා කියන්නම්.. ඔයාලා පණ දාගෙන චෙක් කරේ මගේ තණකොල ගොනිය විතරයි. කවදාවත් තණකොල ගෝනිය අරගෙන ගිය බයිසිකලේ චෙක් කලේ නෑ.. ඒ හින්දා සතියකට වරක් දේශසීමාව හරහා අලුත් බයිසිකලයක් අරගෙන ගියා… ”

ඒ කතාව ඇහුවම ඔබට මොකද්ද හිතෙන්නෙ අපට මගහැරෙනවාද? මගහැරගන්නවාද ? හොඳින් හිතන්න ඔබට යමක් වැටහේවි.

]]>
https://www.samaje.lk/2020/07/13/%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b7%99%e0%b6%b1%e0%b7%80%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%99%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b6%9c%e0%b7%84%e0%b7%90%e0%b6%bb%e0%b6%9c%e0%b6%b1/feed/ 0
නැතිවුන ආදරේ නහයට දාන්න ! https://www.samaje.lk/2020/07/07/%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b1%e0%b7%84%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://www.samaje.lk/2020/07/07/%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b1%e0%b7%84%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Tue, 07 Jul 2020 20:03:40 +0000 https://samaje.followmelk.com/?p=393 මිනිස්සු ආදරෙන් පිස්සු වැටුණහම අන්ධ වෙනවා, ඒක ඇත්ත.ඒ වගේම කවියො වෙනවා, ඒකත් ඇත්ත. . හඳට,තරුවට,රෑ අහසට,මල්වලට එකී නොකී මෙකී සුමට සෞම්‍ය ආදරණීය දේවල් වලට තමන්ගෙ ආදරේ උපමා කරලා කවි ගොතනවා. .

පණ ඇරලා ආදරේ කරද්දි ඒ ආදරේ තමන්ව දාලාගියොත් මොකද වෙන්නෙ ? සමහරු පුලුවන් තරම් ඒ ආදරේට අපහාස කරලා,ලැජ්ජ කරලා කටවචනෙන්ම කියනවනං ආදරේ බල්ලට දානවා.හැබැයි ඇත්තටම ආදරේ කරපු හිතකට එහෙම හිතන්නවත් බැහැ.එහෙම එවුන් හූල්ලනවා,අඬනවා,වැලපෙනවා. . උන්ගෙ ජීවිත එක තැන නතර වෙනවා.

අපිට බැහැ අපි හදවතින්ම කරපු ආදරේ අමතක කරන්න.මැරිලා ඉපදෙන්නෙ නැහැනෙ එහෙම වෙන්න තරම්.. ඒත් අපිට පුලුවන් ඒ ආදරේ නහයට දාන්න !

මොකද්ද මේ නහයෙ කතාව ?

මේ ලියවිල්ල කියවන ඔබට නහයක් ඇතිනෙ.තප්පරේකට කියවීම නවත්තලා ඔබේ නහය පේනවද බලන්න.

බැලුවොත් පේනවානේද ?

දැන් ඔබට විනාඩි කිහිපයක් යනකං නහය පෙනේවි.නමුත් අපි සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු කරගෙන යද්දි නහය පේනවද ? අපිට පේන්නෙ නැහැ.ඇයි දන්නවද ? මොළය දන්නවා නහයෙන් තමයි හුස්ම අරන් අපි ජීවත් වෙන්නෙ කියලා.ඒත් එක්කම මොළය දන්නවා ඇහැට අපි පෙනෙන එක වැදගත් දෙයක් නෙවෙයි කියලත්..ඉතින් මොළය විසින් හිතාමතාම ඇහැට සංඥාවක් දීලා තියෙන්නෙ ‘ නහය පෙනුනත් නොපෙනුනා වගෙ ඉන්න ‘කියලා.. ඉතින් සාමාන්‍ය වෙලාවට අපිට නහය පේන්නැහැ.ඇහැ ඒක ගනන් ගන්නෙත් නැහැ.. ඊට එහා ඔබ දැකිය යුතු ලෝකයක් තියනවා.ඒ දිහා බලන්න පටන් ගන්න.

මිනිස්සු ජීවිතේ ඇතුළෙ ආදරේ දිනලා හරි පැරදිලා හරි තියෙන්නම ඕන.ඒත් ඒ ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ කියන තැන අපි ඉන්න ඕන නෑ.. තව මොහොතකින් යළිත් ඔබට ඔබේ නහය පෙනීම නැතිවෙලා යයි..මොහොතකට පෙනුනා වගේ ඉඳහිට වෙලාවක අතීතයට ගිහින් එන්න.නවතින්න උත්සාහ කරන්න බැහැ ඔබටවත්,මටවත්.

ඉතින් ඔබේ ආදරේ ඔබෙන් ගිලිහුණානම් ඒ ආදරේ නහයට දාන්න..ඒ මතක ඔබෙ හිත්මානයේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ දැනෙන්න ගනීවි 🖤

Nishara Samadhi

]]>
https://www.samaje.lk/2020/07/07/%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%94%e0%b6%b1-%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b7%9a-%e0%b6%b1%e0%b7%84%e0%b6%ba%e0%b6%a7-%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0
නටන හැමෝම එහෙම නෑ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/#respond Wed, 01 Jul 2020 22:04:44 +0000 https://samaje.followmelk.com/?p=389 ඔව් මම ඩාන්සින් කරන්නේ… එක මගේ හැමදේම කියලා කිව්වොත් හරි. තවත් විදියකට කිව්වොත් ඔයා කැම් එකට කොච්චර ලව් ද අන්න ඒ වගේ තමයි මට ඩාන්සින්. එතනදි මට සමාජේට පිලිතුරැ දීම වැදගත් නෑ මොකද මං ඒ ගැන හිතුව නම් අද මෙතන නෑ. අනික මම සමාජේට බයේ තීරණ ගන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ වෘත්තිය ඩාන්සින් කිව්වම බහුතරයකට අඩි සීයේ පාර ගාවයි පට්ට ක්රව්ඩ් එකක් ඉස්සරහා පත ස්ටේජ් එකක අඩ නිරැවත් කෙල්ලෙකුයි පී ඩයල් කොල්ලෙකුයි මතක් වෙන්නේ. එහෙම හිතුවත් කමක් නෑ දහයක් ඉස්සරහා වචනයක් ගැටගහගන්න පුලුවන් නම්. මිනිස්සු ඇයි මෙහෙම? ඇයි අනිත් වෘත්තීන් වල මිනිස්සුන්ට වරදින්නෙ නෑ ද? අතලොස්සක වැරදි වලට කිසිම වෘත්තියකට නිග්රහා කරන එක වැරදී. ඩාන්සින් ගැන කිව්වොත් හසගනක් හො ක්ලබ් ඩාන්ස් විතරද මතක් වෙන්නේ? උඩරට පහතරට වන්නම් ඇයි එවා ඩාන්සින් නෙමෙයි ද? වෘත්තිය නෙමෙයි දිනිදු මිනිස්සුන්ගෙ හිතයි කැත. තමන් කරන වැඩේ විතරයි අගයන්න දන්නේ. හිතන්න කෙනෙක් ඉන්නවා ඇයට නටන්න විතරයි පුලුවන් ඇය අර සින්දු වලට නටලා කියක් හරි හොයාගෙන ගෙදරට අඩුපාඩු අරං නංගි මල්ලීට ක්ලාස් වලට වියදම් කරලා ජිවත් වෙනවා කියලා. එකිට පද හදන එකෙක් එකිට නිකන් සල්ලි දෙයිද? අමම් තාත්තා ගැන බලයි ද? කතා කරයි නොයෙක් දේ කියලා මම ඔයාව අර නලිකාවට යවන්නම්, වැඩ සෙට් කරන්නම්, කියාගෙන එන්නෙ දේව දූත මූඩ් එකෙන්, බට් දවසයි දෙකයි. අඩුම තරමේ එකිට රැකියාවක් හොයලා දෙයිද? ගෙදරට වෙලා අම්මා උයලා දෙනකන් ඉදලා තාත්තාගෙ සල්ලි වලින් ඩේටා දාගෙන බුකියේ අනුන්නේ රෙදි ගැලැවෙනකන් බලන් ඉන්න අය දෙන්නෙ ලොරි ගනන් පොර ටොක්ස්. මමත් ඩාන්සින් කරේ. කැලණි කැම්පස් ඩිග්රි එක කරේ. අද ගුරැවරියක්. වැල්ලට එන හැමෝම වැල්ලේ කක්කී කරන්නෙ නෑ.
– ඈ ඩාන්සින් ගුරැවරියක්
හිතුණා ඒ වචන ටික ගලපන්න.

– කැටේ

]]>
https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/feed/ 0
සමාජේ ඇයි මෙහෙම සිබිල් නැන්දේ ? https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/ https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/#respond Wed, 01 Jul 2020 09:13:48 +0000 https://samaje.followmelk.com/?p=385 අද බොරැ කිඹුල් කඳුළු හෙළමින් රැප පෙට්ටිය සිබිල් නැන්දට නිවන් සුව පතනවා. සිබිල් නැන්දාව නුතන ළමා පරපුරෙන් දැහැගත්තේ අන්න ඒ අය කිවොත් මම වැරදි නෑ කියලා හිතනවා. මම පොඩිකාලේ කියවන්න තියා පොතක් අල්ලපු කෙනෙක් නොවුන ද අපේ හිත හොරාගන්න සිබිල් නැන්දා ලස්සන රෑප මැව්වා. කියෙව්වෙ නැතත් අපි රෑප බැලුවා. අඳින්න ට්‍රයි කරා.. සමහර පොත්වල රෑප ඉරාගෙන ගෙදර ගෙනත් ඇඳලා තියනවා. මා විතරක් නොවේ ඒදා සමාජේ බොහො අය කව්ද මේවා අඳින්නේ කියන දේට වඩා සිබිල් නැන්දාගෙ රෑප වලටයි පෙම් කරේ. ඒත් වර්තමාන ළමා මනස ගැන හිතද්දිත් දුකයි, මලක් ඇන්දොත් ඒක යකේක් වගේ, අලියෙක් ඇන්දොත් කුහුබුවෙක් වගේ. තාත්තව අදින්න කිවම අත් දහයක් විතර තියන තමන්ගෙ හිතේ වීරයව අඳින්නේ. මුලා වුන ජිවිත බිහි වෙන්නෙ එක ද?. ළමයි හරි ඉක්මනින් තෘප්තිමත් වෙන්න හදනවා. එහෙම නොව්න ම කඩා වැටෙනවා. ජිවිතේ ගේම් එකක් තමයි නමුත් එයාලා හිතන් ඉන්නෙ ඒ අය ගහන විඩියෝ ගේම් එක වගෙ කියලා. වී ටික වපුරලා විනාඩියෙන් පළවෙනි අස්වැන්නත් ගන්නවා. මහා විශාල අධිරාජය වල පැයෙන් දෙකෙන් බලය පතුරනවා. කව්ද ඒ විකෘති හිත ඇති කරේ. නැන්දව පැත්තකින් තියමු. දැන් ළමයෙක් අලියෙක් අන්දම උ නිල් පාටයි. ඇයි මෙහෙම කඩේ තියන සෙල්ලන් බඩු ඒක ඒක පාට, ළමයාගේ ඔළුවේ තියෙන්නෙ ඒ අය දකින දේ, අහන දේ, මුදල් පරමාර්තකොට මේ විනාස කරන්නෙ රටේ අනාගතේ. දියුණුව අවශයයි. තාක්ෂනය අවශයයි. එත් දියුණුව කියනනේ ළමා මනස පිස්සුවක් වෙන එක නෙමේ… එදා හරි ලස්සන මල් හිමින් හිමින් පිපිලා මේ ලොකේටම සුවඳ දුන්නා. අද එදාට කලින් මල් පුප්පවලා ඉන් සමාජයේ සුවඳ නැති කරන්න එපා. සිබිල් නැනදේ නුබත් දෙනොදාහක් විකසිත මල් සුවඳ කරන්න ගොඩක් දේ කරපු කෙනෙක්. ඔබට නිවන් සුව.

– සමාජේ කැටේ

]]>
https://www.samaje.lk/2020/07/01/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%a2%e0%b7%9a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%99%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b7%83%e0%b7%92%e0%b6%b6%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90/feed/ 0
මනමේ කුමරිය නැවතත් යා හැක https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/ https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/#respond Tue, 30 Jun 2020 18:59:33 +0000 https://samaje.followmelk.com/?p=359 සමාජය තුළ ප්‍රේම කරන උන්,ප්‍රේමයට වෛර කරන උන්,ප්‍රේමයට බය උන් සේම ප්‍රේමය සැක උන් බොහෝය. ” සැකය ” ප්‍රේමයට හරහට හිටින්නේම සැකයයි. මෝඩයන්ද වයසට යෑම හේතුවෙන් සෑම වැඩිහිටියෙකුගේම අදහස් ආදර්ශයට නොගත යුතුසේම ඉතිහාස කතා,අතීත සිදුවීම් සියල්ල වර්තමානයට එසේම විය යුතුය.එයම උකහාගත යුතුය’යන ආකල්පය බැහැර කළ යුතුය.අතීතය මතින් ගතයුතු දෑ පමණක් ගෙන අනාගතයට පාර සාදා ගැනීම උචිතය.

ප්‍රේමවන්ත මනමේ කුමරාගෙ කතාව සියල්ලන් පාහෙ දන්නා කතාවකි.කුමරා එතරම් පෙම්කළත් මනමේ කුමරියගේ සිත වහා දිවගියේ කඩවසම් වැද්දෙකුටය.එයින් පසු සිදුවූයේ මනමේ කුමරාගේ ජීවිතය විනාස වීමය.හිත් වෙනස් විය හැක.ස්වභාවය එයයි. නමුදු සැබැවින්ම වැදි රජු මුණගැසීමට පෙර සිට කුමරිය, කුමරාට නියත වශයෙන්ම ආදරය කළා නම් එය එසේ නොමවනු ඇත..

මේ කියන්නට යන්නේ වර්තමාන කුමර කුමරියන් ගැනය.පෙර කතාවේ පරිදිම කුමාරවරු මෙන් පිරිමි හැරදා වැද්දෙකුට බහ දෙන අය නැතුව නොවේ.වර්තමානයේ වන්නේ ඔවුන්ද මනමේ කුමරු මෙන් හඬා වැලපී අවසන සියදිවි නසාගෙන හෝ බේබද්දෙකු වී අනාගතය විනාස කරගැනීමයි..

හිතන්න ! අතීත කතාව අසා ඇති වේදිකා නාට්‍යයක දැක ඇති,මේ හා සමාන සිද්ධියක් දන්නා කුමරෙකුට සැබැවින්ම මනමේ කුමරියක් පෙම් කරයි නම්.. 🖤 කුමරුන් මේ කිසිත් නොසිතා සිටී නම් ආදරෙන් වෙලී සිටිය හැක..

එතරම් ආදරෙන් හිඳිද්දී පවා ඇසිපිය ගහන මොහොතට ” උඹ කා දිහාද බැලුවෙ ?? ” අසමින් පුපුරණ, මුණගැසීමට පරක්කු වන තප්පරයට ” මොකා එක්කද ගියේ ?? ” අසමින් බැණ වදින, නිවසේ වැඩක හිරවී සිටිද්දි එන දුරකථන ඇමතුමට පිළිතුරු දීමට නොහැකි වුවහොත් සුද්ද සිංහලෙන් අමතන අයෙකු සමඟ සතෙකුට හෝ ආදරණීය විය හැකිද ?? හදවතේ කිසිම වරදකාරී හැඟීමක් නොමැතිව නිරන්තරයෙන් සැකයට භාජනය වෙද්දී, හැඬූ කඳුලින්ම කල්ගෙවන්නට වෙද්දී ඕනෑම කුමරියකට පෙරදි තුන්හිතකවත් නොවුන ලෙස වැද්දෙකු නැතිනම් සිඟමන් යදින්නෙකු සමඟ හෝ යාමට නොසිතේවිද ??

ජීවත් වීමට මුදල් අවශ්‍යය.ආදරය අවශ්‍යය.ඒ හා සමානවම තමන්ගෙ මානසික නිදහස අත්‍යාවශ්‍යමය. ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අයෙකු හා සමඟ අහේතුකව වැරදි තුළ ගැලී සිටීමට කිසිවෙකුත් සූදානම් නැත.එහෙයින් මනමේ නොවූ මනමේ කුමරියන් මනමේ කුමරිය සේම ඔබව හැර යනු ඇත.. පසුව ගියේ ඇයගේ වරදින්‍ යැයි කීමට ඔබට අයිතියක් නැත.ඔබේ දුක ඔබම දරාගත යුතුය.කිසිත් නොදන්නා අවට මිතුරන් මනමේ කුමරියට බැන ඔබේ සිත සැනසූවත් ඔබේ හෘදසාක්ෂිය ඔබ මත වරද පටවනු අනිවාර්‍යය..
ඔබේ ආදරය හිමි ඇගේ සිත තුළ මනමේ කුමරාත්,වැදි රජුත් ඔබම නම් බිය සැක සංකා දුරු කොට ” මං ආදරෙයි ” කියන්න.. 🖤

කුමරිය හදවත ගලවා වුව ඔබට දෙනු ඇත !

]]>
https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/feed/ 0
රැවටෙන හිත අපිම රවටා ගනිමුද? https://www.samaje.lk/2020/06/29/%e0%b6%bb%e0%b7%90%e0%b7%80%e0%b6%a7%e0%b7%99%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%b8-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8/ https://www.samaje.lk/2020/06/29/%e0%b6%bb%e0%b7%90%e0%b7%80%e0%b6%a7%e0%b7%99%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%b8-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8/#respond Mon, 29 Jun 2020 03:00:45 +0000 https://samaje.followmelk.com/?p=316 මුලින්ම මම කතාවක් කියන්නම්.

එක්තරා කාලයක යුද්ධයකදී අවසාන මහ සටනට එක් සේනාධිපතියෙක් තම සේනාව සූදානම් කළාලු. එහෙත් විරුද්ධ පැත්තෙ සේනාව පිරිසෙන් වැඩිනිසා ඔහු සූදානම් කරන සේනාව යුද්ධෙන් පරදින බවට හැම දෙනාම බයෙන්ලු හිටියෙ. කොහොම හරි සේනාධිපති යුද්ධෙට ඉස්සර වෙලා සේනාවත් සමග ආගමික ස්ථානයකට ගියාලු. ඉන් පස්සෙ සේනාව එළියෙ නවත්වල ඇතුලට ගිහින් වැදල ඇවිත් අතේ තිබුණු කාසියක් පෙන්වල මෙහෙම කිව්වලු. ” පූජකතුමා කාසියක් දුන්නා. මේක උඩ දාන්න කිව්වා.. හිස පැත්ත වැටුනොත් අපි අනිවාර්යයෙන් දිනනවා.. ඉලක්කම් පැත්ත වැටුනොත් අපි පරදිනවා ” ඊට පස්සෙ මුළු සේනාවටම පේන්න සේනාධිපති කාසිය උඩ දැම්මලු. කාසිය හිස පැත්ත උඩට සිටිනසේ වැටුනලු. මුළු සේනාවම ජයඝෝෂා නගල මහත් උද්දාමයෙන් යුද්ධෙට ගිහින් යුද්දෙ දින්නලු… යුද්දෙ දිනල ඉවරවුනාට පස්සෙ සේනාධිපති ලගට ලංවුනු උපසේනාධිපති මෙහෙම කිව්වලු, ” දැක්කද අනුහස.. කාසිය අපිට හරිදේ පෙන්නල දුන්නා” එවිට මොකුත් නොකී සේනාධිපති තම අතවූ කාසිය අරන් පෙන්නුවාලු.. ඒ කාසියේ ඉලක්කම් පැත්තක් තිබිල නැහැ..දෙපැත්තෙම තිබිල තියෙන්නෙ හිස. මේ වෙලාවෙ මුළු ලෝකයටම මේ කතාව ගැලපෙනවා ආදර්ශයට ගන්නත් වටිනවා. එහෙම මම කියන්නෙ හිත රැවටෙන විදිය අපි දැනගත්තම ඔය ධනාත්මක චින්තන වැඩමුළුවලට සල්ලි නාස්ති කරන්නෙ නැතුව අපිටම දිනන්න පුළුවන්. හොදට හිතල බලන්න ඒක නෙවෙයිද ඇත්ත?

]]>
https://www.samaje.lk/2020/06/29/%e0%b6%bb%e0%b7%90%e0%b7%80%e0%b6%a7%e0%b7%99%e0%b6%b1-%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%85%e0%b6%b4%e0%b7%92%e0%b6%b8-%e0%b6%bb%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8/feed/ 0
ලියන අය ගැන නොහිත, කියවන්න ටික දවසක් ඉවසන්න. https://www.samaje.lk/2020/06/25/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://www.samaje.lk/2020/06/25/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Thu, 25 Jun 2020 18:59:06 +0000 https://samaje.followmelk.com/?p=253

හරියට අහස වගේ, විටක මුහුද වගේ. සීමාවක් නෑ කොහෙත්ම මෙතනින් පටන් අරන් අතනින් ඉවර කරන්න බැරි තරම් දෙවල් කතා කරන, ඔහු පිලිගන්න, ඇය විරැධ වෙන, අපි දෙගොලම රැවටෙන, හිනාවෙන්න වගේම අඬන්න පුලුවන් කතිකාවකි “සමාජේ”. රටේ නීතිය හැර කිසිත් නීති නැති, තමනගේ අදහස් වෙනුවෙන් සටන් වදින්න පුළුවන් රණබීමකි මේ “සමාජේ”. සමාජේට ආදරෙන් පිලිගන්නවා .

ඒක ඒක දේවල් නොහිතන විඳියට ලස්සනට ගලපන්න මේ සමාජේ ඔබ වෙනුවෙන් සැදි පැහැදි සිටි. දහසකුත් අදහස් අපිට කියන්න. ඔ‌බේ මතය අපිට කියන්න. රසවිඳින්න මේ සඟරාව සමග රැඳි සිටින්න. ඒමෙන්ම ඔබේ නිර්මාන එළි දැක්වීමට ඇත්නම් අපට කියන්න. අපි ඔබ වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රචාරණයක් ලබා දීමට සුදානම්. කිසිඳු අය කිරීමකින් තොරව. අවැසි වනුයේ රටේ රටේ ලියන්න තියන පට්ටම අටිකල් යන කලාවේ සඟරාව “සමාජේ” කරවීමටයි.

]]>
https://www.samaje.lk/2020/06/25/%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%b1%e0%b7%9c%e0%b7%84%e0%b7%92%e0%b6%ad-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0