Entertainment – Samaje.lk https://www.samaje.lk Sun, 03 Jul 2022 11:39:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.2.5 https://www.samaje.lk/wp-content/uploads/2020/06/favicon-eka.jpg Entertainment – Samaje.lk https://www.samaje.lk 32 32 “ආදරය” ඉතිං එතකන් පරිස්සමෙන්… https://www.samaje.lk/2020/08/25/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%82-%e0%b6%91%e0%b6%ad%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b7%99/ https://www.samaje.lk/2020/08/25/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%82-%e0%b6%91%e0%b6%ad%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b7%99/#respond Tue, 25 Aug 2020 18:38:00 +0000 https://samaje.followmelk.com/?p=423 එකම එක පාරක් ඔයා මට කියනවා ද

ආදරේයි කියලා…

ඔයා එක්ක දුර ගමනක් යන්න මාත් එන්නද…

ආසයි අහන්න.. ආසයි දකින්න ඔයාගේ ආදරේ ලග කිරිල්ලියක් වගේ ඉන්න. ඉතිං එකම එක පාරක් මට කියනවා ද ආදරේයි කියලා…

ඉතිං උබත් මග බලන් ඇතිනේ ද ඒහෙම ආදරයක් එක්ක.සමහර විට උබට එහෙම ආදරයක් ලැබිලත් ඇති..

ආදරය කියන අකුරු හතරට අපි හැමෝම කැමතියි..

අපි හැමෝටම කොහේ හරි ඉපදුණු නැතිනම් ඉපදී මිය ගිය ආදර කතාවක් තියනවා. අනේ නෑ නෑ කියලා කිව්වට අපි හැමෝම ලග එහෙම හැංගිච්ච ආදර කතාවක් තියනවා..

අපි උපන්නේ ආදරෙත් එක්ක .කවුරු හරි ඇහුවොත් ඔයාගේ ප්‍රථම ආදරය කවුද කියලා මං කියන්නේ ඒ තමයි මගේ දෙමාපියෝ . අපිට මුලුන් ම ආදරය හම්බෙන්නේ අපේ අම්මගෙන් හා අපේ අප්පච්චීගෙන් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවා ද ඒ තමා අපි හොයන අපේ ප්‍රථම ආදර කතාව. අපි ආදරය කියන අකුරු හතර හරියාකාරව ඉගෙන ගන්නේ එතනින්.ඒත් අපිට ඒ තැන අමතක උනානේද . අපි උත්මහත් වෙලා ටිකෙන් ටික අපි සමාජය හොයද්දී අපි ඒ එක්කම හොයනවා අපේ ලගම රැදෙන ආදරයක් .අපි අපේ අවසන් ගමන දක්වා ආදරය හොයනවා.ඉතිං ආදරය නම් විවිධාකාරයි.

අපි හැමෝම කැමති අපි ආදරය කරන කෙනාගේ ආදරය ලබන්න එත් අපි හැමෝටම එහෙම අවස්ථාවක් ලැබෙනවා ද ,ආදරය ලග ආදරය විදින උන්, දුරින් ඉදගෙන ඒ දිහා බලාගෙන ඉන්න උන්,ඉකි ගසා ආදරය හොයන උන් අනේ තවමත් මේ සංසාරේ ඇති. එහෙමයි කියලා අපි හැමෝටම අපි හොයන ඔය කියන ආදරේ ලැබුනා ද.. මං ඇහුවේ අපී හැමෝටම ලැබුනාද කියලා නෑනෙ ද…

මේ අහපන්.. අපි හිතන විදියට අපිට හැමදේම ලැබෙන් නෑ බං.උබ සමහර විට ඔය කියන ආදරේ ලග රැවටිලා ඇති.ආදරෙයි කියලා කියා ගන්න බැරිව උබ ගොලුවෙලා ඇති.උබේ හිත උබෙන් අහනවා ඇති එයාගේ තත්වෙට ඔයාගේ ආදරේ ගැලපෙයි ද .එයා අකමැති උනොත් අනේ මං මොකද කරන්නේ.කැමති උනොත් උබ හිතයි උබ තරම් වාසනාවන්තයෙක් නැහැ කියලා.

එත් බං ආදරය කියන්නේ එක හිතක් ලග උපදින දෙයක් නෙවෙයි.. ආදරය කියන්නේ මෙන්න මෙහෙම එකක්..
දෙහිතක් ලග එකට හැප්පෙන එකට හමුවවන වචනයෙන් කියා ගන්න බැරි අපුරු හැගීමක්,එක හදවතකට විතරක් ම දැනෙන දෙයක්ම නෙවෙ එය එකිනෙකා මනසින් තේරුම් ගැනිමක්..ඉතිං ආදරය නම් එක හිතක් තුල නොව සැබෑම ආදරය නම් දෙහිතක් ලග ඇතිවන සුන්දර අකුරු හතරකි එකතුවක්. අන්න ඒකයි අපි හැමෝම හිතන විදියට අපිට තාමත් අපේ ආදරය හමු නොවුනේ.. හැබැයි එහෙම කියලා දෙහිතම ලග ආදරය හමු උනානම් අද උබත් හරි ලස්සනට එයත් එක්ක ආදරය ලග ආදරය විදිනව ඇති. එක් හිතින් ආදරය විදින විදවන උන් මග තාම මග බලන් ඉන්නවා ඇති. එත් දවසක උබට ම කියලා දැනෙන ආදරණීය හිතක් අනිවාර්යයෙන් ම කොහේ හරි ඇති….ඒ දෙහිතම හමුවුන දවසක මග හැර ගන් එපා…

ඉතිං එතකන් පරිස්සමින්…

ගිමා..✍

හිතට එකඟයි නම් අදහස කොටාගෙන යන්න පුළුවන්…..

]]>
https://www.samaje.lk/2020/08/25/%e0%b6%86%e0%b6%af%e0%b6%bb%e0%b6%ba-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%82-%e0%b6%91%e0%b6%ad%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b6%b8%e0%b7%99/feed/ 0
හිමිනොවනා බව දැනුනත්… https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/ https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/#respond Tue, 25 Aug 2020 18:33:43 +0000 https://samaje.followmelk.com/?p=417 හිමිනොවනා බව දැනුනත්…

රාම්, ඔයා හුඟක් දුර ගියාද ?

නෑ ජානු ! මම තාමත් ඔයා බැහැලා ගියපු තැන..

චිත්‍රපටියෙ නම 96′. බලපු කෙනෙක්ට නම් මේ දෙබස අමතක නැතුව ඇති.රාම්ට පාසල් කාලයෙ හිටිය හොඳම යෙහෙළිය, එකම ආදරවන්තිය ජානු. අවුරුදු ගණනාවකට පස්සෙ දෙන්නා මුණගැහෙනවා. අහන්න දේවල්, කියන්න දේවල් කොයිතරම් තිබුණත් කාලය ඒ දෙන්නට හරස්වෙනවා. තාමත් රාම් ජානුටත්, ජානු රාම්ටත් ආදරෙයි. ඒත් ආයෙ කවමදාකවත් ඒ ආදරේ කටින් පිටවෙන එකක් නැහැ. සමහර ආදර කතා එහෙමයි. අහිමි උනත් නිමාවක් තියන්න බැරි තැන් අනන්තයි..

මේ වගේම කතාවක් ඔබට තියෙන්න පුලුවන්. හැබැයි මේ කියන්න යන්නෙ වෙනස්ම දෙයක්. ජීවිතේ එකතැනකදි අපි තීරණයක් ගන්නවා අපිට මුණගැහෙන අය අතරින් මේ තමයි මගෙ හොඳම යාලුවා කියලා.තමන්ගැන හැමදේම කියන්න පුලුවන් කෙනෙක්, තමන්ගෙ හීන ගැන දන්න කෙනෙක්, තමන් බය මොනවටද කියන්න දන්න කෙනෙක් මෙන්න මේ හැමදේම දන්න කෙනා වෙන්නෙ ඔබේ හොඳම යාලුවා. බැරිවෙලාවත් වෙන ආදර සම්බන්ධයක් තිබුණොත් ඒ ගැන දැනෙන හැඟෙන දේත් කියන්නෙ මේ යාලුවට නේද ?
කාලයත් එක්ක මේ යාලුකම අස්සට ආදරේ රිංගනවා. වේදනාව පටන් ගන්නෙම එතනින්..
ආදරේ කියන්න ගිහින් යාලුකම නැතිවෙයිද හිත හිතම පිච්චෙනවා. අන්තිමේදි කොහොමහරි ” මම ආදරෙයි ” කියනවා.
දැන් ඔබට හිතෙනවා ඇති අනිත් අතට මමත් ආදරෙයි කිව්වානම් ප්‍රශ්නෙ ඉවරයි, ආදරේ නැ කිව්වොත් තමයි ප්‍රශ්නය කියලා.. ඒක එහෙම නෙවෙයි. ආදරේ නොකිව්වානම් උඹ මාසයක් දෙකක් අවුලෙන් ඉදලා ආයෙ යාලුවෙක් වගේ කතාකරන්න පටන්ගනී. හිතන්න තමන්ගෙ හොඳම යාලුවා තමන්ගෙ ආදරේ උනොත් …. ?

හොඳම යාලුවයි,ආදරෙයි අතර මහ වෙනසක් නෑ වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. හොඳම යාලුවා දවස ගානෙ ගෙදර එනවා යනවා උනත් ආදරේ හැමදවසෙම ගෙදර නවතින තැන දක්වාම එනවා. හොඳම යාලුවා එක්ක කාපු එක බත්පත දවසක උයාගන්න වෙන්නෙ ආදරෙත් එක්ක. වගකීම්, කැපවීම් එක්ක ආදරේ හරි බරට දැනෙනවා.යාලුකම තරම් නිදහසක් නොදැනෙද්දි ” යාලුවො වගේ හිටියනම් ” කියන හැඟීම ඔලුවට එනවා. ප්‍රශ්න, රණ්ඩු එන්නෙම එහෙම..

මේ ලෝකෙ ආදරවන්තයො සහ හොඳම යාලුවො කියලා දෙගොල්ලක් මවලා තියෙන්නෙ අන්න ඒ නිසාමයි..

ආදරවන්තයො ළඟ තියෙන්නෙ ආදර කතා
හොඳම යාලුවො ළඟ තියෙන්නෙ ආදරෙන් පිරුණු කතා

ඉතින් යාලුකමයි, ආදරෙයි පටලගෙන විඳවන්න එපා !

” හිමිනොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී.. “
ආදරණීය යාලුවෙක් වෙන්න !

නිශාරා සමාධි

]]>
https://www.samaje.lk/2020/08/25/%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a/feed/ 0
ෆැන්ටසියට බනින ෆැන්ටසි රසිකයෝ https://www.samaje.lk/2020/08/12/%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%b1-%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92-%e0%b6%bb/ https://www.samaje.lk/2020/08/12/%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%b1-%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92-%e0%b6%bb/#respond Wed, 12 Aug 2020 19:56:57 +0000 https://samaje.followmelk.com/?p=415
අද සමාජේ ඉන්න බොහෝ දෙනා තමන් කියන දේ කරන, කරන දේ කියන අය නෙවෙයි. ඔවුන් සවන්දෙන්න, කියවන්න, නරඹන්න යොමුවන නිර්මාණ ගැන උනත් හරියටම අදහසක් ගන්න අමාරු ඒ හින්දමයි.
රසාස්වාදය කියනදේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක එහෙම වෙන්නෙ මිනිස්සු හැදෙන වැඩෙන සමාජයත් එක්ක. ඒ සමාජෙ ඇසුරු කරන අය, ඇහෙට දකින දේවල් මේ හැමදේම එක්කම එන ආකල්ප‍ය එක්ක. කෙනෙක් තමන්ගෙ මනසෙ මට්ටම අනුව නිර්මාණයක් වෙත යොමුවීම, තවකෙක්ට විහිලුවක් විය යුතු නැහැ.
මිනිස්සු වැඩිපුරම බය සමාජෙ තමන්ට හිනාවෙනවට. ඒ හින්දම මිනිස්සු බයයි තමන්ගෙ මතය ලෝකෙට ඉදිරිපත් කරන්න.
මිනිස්සු වෙනුවෙන් කෙරුණු නිර්මාණ පැති දෙකක් ඔස්සෙ අපිට ගන්න පුලුවන්.

1. අති උසස් රසාස්වාදයක් සහිත සාහිත්‍යමය වටිනාකමක්ද ඇතිව මිනිස්සුන්ගෙ යටි හිතට කාවැදෙන නිර්මාණ සහ
2. මිනිසුන්ගෙ උඩුහිත අවුස්සන,ආසාවෙන් පුරවන, හීන ලෝකෙක අතරමං කරන නිර්මාණ

මේ කියන්න යන්නෙ දෙවැනි ගණයේ ෆැන්ටසි නිර්මාණ ගැන.
හුඟක් අය මෙන්න මේ ෆැන්ටසි නිර්මාණ ගැන කතාකරන්නෙ ” මේවා බලන, කියවන අයත් ඉන්නවද අනේ.. ” කියන මවාපාන අප්‍රසාදයකින්. මෙහෙම නිර්මාණයක් බලන කෙනෙක් ඉන්නවා කියන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. එහෙම හිටියත් ඒ අයට සමාජෙන් එල්ලවෙන්නෙ උපහාසාත්මක සිනහවක්..
හැබැයි මෙතන තියන ලොකුම ගැටළුව, හැමෝම බනිද්දි, සමාජ ජාලාවල විහිලුවක් වෙද්දි, කොහොමද මේ නිර්මාණ පිට පිට වසර ගණනක් ජනප්‍රිය නිර්මාණය වෙන්නෙ ? කොහොමද ආදායම් වාර්තා බිඳහෙලන්නෙ ? කොහොමද මේ නිර්මාණකරුවන් යුගයේ ජනප්‍රිය ලේඛකයන්, නිර්මාණකරුවන් වෙන්නෙ ?

ඇත්තටම ඒක එහෙම වෙන්නෙ මිනිස්සු මේ කිසිදෙයක් නොබලා ඉද්දි පිටසකවලින් ඇවිත් අය මේ නිර්මාණ බලලද ? නැහැ. මිනිස්සු අහේතුක ලැජ්ජාවක් හදාගෙන මේ නිර්මාණ කාණ්ඩය ගැන.
අපි කතාකරමු ඒ ගැන…

මොකද්ද මේ ෆැන්ටසිය කියන්නෙ ? ඇයි මිනිස්සු ෆැන්ටසියට ඇබ්බැහි වෙන්නෙ ?
වරදවා තේරුම්ගන්න එපා.. ෆැන්ටසිය කියන්නෙ සුඛෝපභෝගී ජීවිතයට නෙවෙයි. ෆැන්ටසිය ඇතුලෙ වෙන්නෙ මිනිස්සු ඔවුන්ගෙම හිතට සැන්සීමක් දැනෙන දෙයක් හොයාගන්න එක. නිදහස් හැඟීමක් හොයාගන්න එක.
ඒ ෆැන්ටසිය තියෙන්නෙ හද්ද පිටිසර ගමක ලිඳකින් හීතල වතුර ටිකක් නාගනිද්දි වෙන්න පුලුවන්.
එහෙම නැත්නම් තට්ටු පහක ගෙදරක හොට් වෝට(ර්) ශවර් එකකින් නාගනිද්දි වෙන්න පුලුවන්. කෙනාගෙන් කෙනාට ඒ ආසාවල් වෙනස් වෙන්න පුලුවන්. මිනිස්සු මේ සමාජෙ එක හැල්මෙ දුවලා දුවලා හෙම්බත් වෙද්දි හුඟක් අවස්ථාවල මනස වෙහෙසෙන දේකට වඩා මෙහෙම හීන ලෝකෙක, ෆැන්ටසියට ටිකක් ඉදලා එන්න ආසයි. ඉතින් මිනිස්සු ඉබේටම ඇබ්බැහි වෙනවා.වෙනරටක නිර්මාණයකට උනත් හිත යන්නෙ ” මෙහෙ මෙහෙම අය නෑනෙ, මෙහේ මෙහෙම තැන් නෑනෙ.. ” කියලා හිතෙන සිතුවිල්ලත් එක්ක.

අපිට බැහැ කෙනෙක්ගෙ නිර්මාණයක උස් පහත් බව කියන්න. මිනිස්සුන්ගෙ හදවත් වල නැවතෙන නිර්මාණ කරන්නත් හැමෝටම බැහැ. ඔබට කියන්න තියෙන්නෙ මෙපමණයි.
හැම නිර්මාණයම රසවිඳින්න. ජීවිතේට ගන්න තියෙන දෙයක් ගන්න. ජනප්‍රිය සහ හොඳම කියන්නෙ දෙකක්..

මේ සමාජේ ඔබට රහ දේ ඔබ විඳින්න !

– නිශාරා සමාධි

]]>
https://www.samaje.lk/2020/08/12/%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b6%b6%e0%b6%b1%e0%b7%92%e0%b6%b1-%e0%b7%86%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%83%e0%b7%92-%e0%b6%bb/feed/ 0
නටන හැමෝම එහෙම නෑ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/#respond Wed, 01 Jul 2020 22:04:44 +0000 https://samaje.followmelk.com/?p=389 ඔව් මම ඩාන්සින් කරන්නේ… එක මගේ හැමදේම කියලා කිව්වොත් හරි. තවත් විදියකට කිව්වොත් ඔයා කැම් එකට කොච්චර ලව් ද අන්න ඒ වගේ තමයි මට ඩාන්සින්. එතනදි මට සමාජේට පිලිතුරැ දීම වැදගත් නෑ මොකද මං ඒ ගැන හිතුව නම් අද මෙතන නෑ. අනික මම සමාජේට බයේ තීරණ ගන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ වෘත්තිය ඩාන්සින් කිව්වම බහුතරයකට අඩි සීයේ පාර ගාවයි පට්ට ක්රව්ඩ් එකක් ඉස්සරහා පත ස්ටේජ් එකක අඩ නිරැවත් කෙල්ලෙකුයි පී ඩයල් කොල්ලෙකුයි මතක් වෙන්නේ. එහෙම හිතුවත් කමක් නෑ දහයක් ඉස්සරහා වචනයක් ගැටගහගන්න පුලුවන් නම්. මිනිස්සු ඇයි මෙහෙම? ඇයි අනිත් වෘත්තීන් වල මිනිස්සුන්ට වරදින්නෙ නෑ ද? අතලොස්සක වැරදි වලට කිසිම වෘත්තියකට නිග්රහා කරන එක වැරදී. ඩාන්සින් ගැන කිව්වොත් හසගනක් හො ක්ලබ් ඩාන්ස් විතරද මතක් වෙන්නේ? උඩරට පහතරට වන්නම් ඇයි එවා ඩාන්සින් නෙමෙයි ද? වෘත්තිය නෙමෙයි දිනිදු මිනිස්සුන්ගෙ හිතයි කැත. තමන් කරන වැඩේ විතරයි අගයන්න දන්නේ. හිතන්න කෙනෙක් ඉන්නවා ඇයට නටන්න විතරයි පුලුවන් ඇය අර සින්දු වලට නටලා කියක් හරි හොයාගෙන ගෙදරට අඩුපාඩු අරං නංගි මල්ලීට ක්ලාස් වලට වියදම් කරලා ජිවත් වෙනවා කියලා. එකිට පද හදන එකෙක් එකිට නිකන් සල්ලි දෙයිද? අමම් තාත්තා ගැන බලයි ද? කතා කරයි නොයෙක් දේ කියලා මම ඔයාව අර නලිකාවට යවන්නම්, වැඩ සෙට් කරන්නම්, කියාගෙන එන්නෙ දේව දූත මූඩ් එකෙන්, බට් දවසයි දෙකයි. අඩුම තරමේ එකිට රැකියාවක් හොයලා දෙයිද? ගෙදරට වෙලා අම්මා උයලා දෙනකන් ඉදලා තාත්තාගෙ සල්ලි වලින් ඩේටා දාගෙන බුකියේ අනුන්නේ රෙදි ගැලැවෙනකන් බලන් ඉන්න අය දෙන්නෙ ලොරි ගනන් පොර ටොක්ස්. මමත් ඩාන්සින් කරේ. කැලණි කැම්පස් ඩිග්රි එක කරේ. අද ගුරැවරියක්. වැල්ලට එන හැමෝම වැල්ලේ කක්කී කරන්නෙ නෑ.
– ඈ ඩාන්සින් ගුරැවරියක්
හිතුණා ඒ වචන ටික ගලපන්න.

– කැටේ

]]>
https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/feed/ 0