Art & Culture – Samaje.lk https://www.samaje.lk Sun, 03 Jul 2022 11:39:49 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.2.5 https://www.samaje.lk/wp-content/uploads/2020/06/favicon-eka.jpg Art & Culture – Samaje.lk https://www.samaje.lk 32 32 නටන හැමෝම එහෙම නෑ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/ https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/#respond Wed, 01 Jul 2020 22:04:44 +0000 https://samaje.followmelk.com/?p=389 ඔව් මම ඩාන්සින් කරන්නේ… එක මගේ හැමදේම කියලා කිව්වොත් හරි. තවත් විදියකට කිව්වොත් ඔයා කැම් එකට කොච්චර ලව් ද අන්න ඒ වගේ තමයි මට ඩාන්සින්. එතනදි මට සමාජේට පිලිතුරැ දීම වැදගත් නෑ මොකද මං ඒ ගැන හිතුව නම් අද මෙතන නෑ. අනික මම සමාජේට බයේ තීරණ ගන්නෙ නෑ. කෙල්ලෙක්ගෙ වෘත්තිය ඩාන්සින් කිව්වම බහුතරයකට අඩි සීයේ පාර ගාවයි පට්ට ක්රව්ඩ් එකක් ඉස්සරහා පත ස්ටේජ් එකක අඩ නිරැවත් කෙල්ලෙකුයි පී ඩයල් කොල්ලෙකුයි මතක් වෙන්නේ. එහෙම හිතුවත් කමක් නෑ දහයක් ඉස්සරහා වචනයක් ගැටගහගන්න පුලුවන් නම්. මිනිස්සු ඇයි මෙහෙම? ඇයි අනිත් වෘත්තීන් වල මිනිස්සුන්ට වරදින්නෙ නෑ ද? අතලොස්සක වැරදි වලට කිසිම වෘත්තියකට නිග්රහා කරන එක වැරදී. ඩාන්සින් ගැන කිව්වොත් හසගනක් හො ක්ලබ් ඩාන්ස් විතරද මතක් වෙන්නේ? උඩරට පහතරට වන්නම් ඇයි එවා ඩාන්සින් නෙමෙයි ද? වෘත්තිය නෙමෙයි දිනිදු මිනිස්සුන්ගෙ හිතයි කැත. තමන් කරන වැඩේ විතරයි අගයන්න දන්නේ. හිතන්න කෙනෙක් ඉන්නවා ඇයට නටන්න විතරයි පුලුවන් ඇය අර සින්දු වලට නටලා කියක් හරි හොයාගෙන ගෙදරට අඩුපාඩු අරං නංගි මල්ලීට ක්ලාස් වලට වියදම් කරලා ජිවත් වෙනවා කියලා. එකිට පද හදන එකෙක් එකිට නිකන් සල්ලි දෙයිද? අමම් තාත්තා ගැන බලයි ද? කතා කරයි නොයෙක් දේ කියලා මම ඔයාව අර නලිකාවට යවන්නම්, වැඩ සෙට් කරන්නම්, කියාගෙන එන්නෙ දේව දූත මූඩ් එකෙන්, බට් දවසයි දෙකයි. අඩුම තරමේ එකිට රැකියාවක් හොයලා දෙයිද? ගෙදරට වෙලා අම්මා උයලා දෙනකන් ඉදලා තාත්තාගෙ සල්ලි වලින් ඩේටා දාගෙන බුකියේ අනුන්නේ රෙදි ගැලැවෙනකන් බලන් ඉන්න අය දෙන්නෙ ලොරි ගනන් පොර ටොක්ස්. මමත් ඩාන්සින් කරේ. කැලණි කැම්පස් ඩිග්රි එක කරේ. අද ගුරැවරියක්. වැල්ලට එන හැමෝම වැල්ලේ කක්කී කරන්නෙ නෑ.
– ඈ ඩාන්සින් ගුරැවරියක්
හිතුණා ඒ වචන ටික ගලපන්න.

– කැටේ

]]>
https://www.samaje.lk/2020/07/01/%e0%b6%b1%e0%b6%a7%e0%b6%b1-%e0%b7%84%e0%b7%90%e0%b6%b8%e0%b7%9d%e0%b6%b8-%e0%b6%91%e0%b7%84%e0%b7%99%e0%b6%b8-%e0%b6%b1%e0%b7%91/feed/ 0
මනමේ කුමරිය නැවතත් යා හැක https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/ https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/#respond Tue, 30 Jun 2020 18:59:33 +0000 https://samaje.followmelk.com/?p=359 සමාජය තුළ ප්‍රේම කරන උන්,ප්‍රේමයට වෛර කරන උන්,ප්‍රේමයට බය උන් සේම ප්‍රේමය සැක උන් බොහෝය. ” සැකය ” ප්‍රේමයට හරහට හිටින්නේම සැකයයි. මෝඩයන්ද වයසට යෑම හේතුවෙන් සෑම වැඩිහිටියෙකුගේම අදහස් ආදර්ශයට නොගත යුතුසේම ඉතිහාස කතා,අතීත සිදුවීම් සියල්ල වර්තමානයට එසේම විය යුතුය.එයම උකහාගත යුතුය’යන ආකල්පය බැහැර කළ යුතුය.අතීතය මතින් ගතයුතු දෑ පමණක් ගෙන අනාගතයට පාර සාදා ගැනීම උචිතය.

ප්‍රේමවන්ත මනමේ කුමරාගෙ කතාව සියල්ලන් පාහෙ දන්නා කතාවකි.කුමරා එතරම් පෙම්කළත් මනමේ කුමරියගේ සිත වහා දිවගියේ කඩවසම් වැද්දෙකුටය.එයින් පසු සිදුවූයේ මනමේ කුමරාගේ ජීවිතය විනාස වීමය.හිත් වෙනස් විය හැක.ස්වභාවය එයයි. නමුදු සැබැවින්ම වැදි රජු මුණගැසීමට පෙර සිට කුමරිය, කුමරාට නියත වශයෙන්ම ආදරය කළා නම් එය එසේ නොමවනු ඇත..

මේ කියන්නට යන්නේ වර්තමාන කුමර කුමරියන් ගැනය.පෙර කතාවේ පරිදිම කුමාරවරු මෙන් පිරිමි හැරදා වැද්දෙකුට බහ දෙන අය නැතුව නොවේ.වර්තමානයේ වන්නේ ඔවුන්ද මනමේ කුමරු මෙන් හඬා වැලපී අවසන සියදිවි නසාගෙන හෝ බේබද්දෙකු වී අනාගතය විනාස කරගැනීමයි..

හිතන්න ! අතීත කතාව අසා ඇති වේදිකා නාට්‍යයක දැක ඇති,මේ හා සමාන සිද්ධියක් දන්නා කුමරෙකුට සැබැවින්ම මනමේ කුමරියක් පෙම් කරයි නම්.. 🖤 කුමරුන් මේ කිසිත් නොසිතා සිටී නම් ආදරෙන් වෙලී සිටිය හැක..

එතරම් ආදරෙන් හිඳිද්දී පවා ඇසිපිය ගහන මොහොතට ” උඹ කා දිහාද බැලුවෙ ?? ” අසමින් පුපුරණ, මුණගැසීමට පරක්කු වන තප්පරයට ” මොකා එක්කද ගියේ ?? ” අසමින් බැණ වදින, නිවසේ වැඩක හිරවී සිටිද්දි එන දුරකථන ඇමතුමට පිළිතුරු දීමට නොහැකි වුවහොත් සුද්ද සිංහලෙන් අමතන අයෙකු සමඟ සතෙකුට හෝ ආදරණීය විය හැකිද ?? හදවතේ කිසිම වරදකාරී හැඟීමක් නොමැතිව නිරන්තරයෙන් සැකයට භාජනය වෙද්දී, හැඬූ කඳුලින්ම කල්ගෙවන්නට වෙද්දී ඕනෑම කුමරියකට පෙරදි තුන්හිතකවත් නොවුන ලෙස වැද්දෙකු නැතිනම් සිඟමන් යදින්නෙකු සමඟ හෝ යාමට නොසිතේවිද ??

ජීවත් වීමට මුදල් අවශ්‍යය.ආදරය අවශ්‍යය.ඒ හා සමානවම තමන්ගෙ මානසික නිදහස අත්‍යාවශ්‍යමය. ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අයෙකු හා සමඟ අහේතුකව වැරදි තුළ ගැලී සිටීමට කිසිවෙකුත් සූදානම් නැත.එහෙයින් මනමේ නොවූ මනමේ කුමරියන් මනමේ කුමරිය සේම ඔබව හැර යනු ඇත.. පසුව ගියේ ඇයගේ වරදින්‍ යැයි කීමට ඔබට අයිතියක් නැත.ඔබේ දුක ඔබම දරාගත යුතුය.කිසිත් නොදන්නා අවට මිතුරන් මනමේ කුමරියට බැන ඔබේ සිත සැනසූවත් ඔබේ හෘදසාක්ෂිය ඔබ මත වරද පටවනු අනිවාර්‍යය..
ඔබේ ආදරය හිමි ඇගේ සිත තුළ මනමේ කුමරාත්,වැදි රජුත් ඔබම නම් බිය සැක සංකා දුරු කොට ” මං ආදරෙයි ” කියන්න.. 🖤

කුමරිය හදවත ගලවා වුව ඔබට දෙනු ඇත !

]]>
https://www.samaje.lk/2020/06/30/%e0%b6%b8%e0%b6%b1%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%b8%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a-%e0%b6%ba%e0%b7%8f-%e0%b7%84%e0%b7%90%e0%b6%9a/feed/ 0
තාරුණ්‍යය සීමාව දැනගෙන රැඩිකල් වුනොත් වැඩිකල් ඉන්න පුලුවන්… https://www.samaje.lk/2020/06/27/%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%bb/ https://www.samaje.lk/2020/06/27/%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%bb/#respond Sat, 27 Jun 2020 01:40:57 +0000 https://samaje.followmelk.com/?p=299 වර්තමානයේ තාරුණ්‍යය කියන්නේ මාර රැඩිකල් වේදිකාවක්.. ඒ වේදිකාව උඩ දිගහැරෙන ජවනිකා එකකට එකක් හරිම පරස්පරයි . අද කාලේ සමාජය ඇතුලේ ඉන්න කොල්ලන්ගේ, කෙල්ලන්ගේ සිතුවිලි වුනත් සෑහෙන විවිධාකාරයි.. නිශ්චිත පිටපතක් ඇතුලෙ කොටු වෙන්න ඔවුන් කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් සමාජයක රටක ශක්තිය ගැබ් වෙලා තියන්නේ ඒක ඇතුලේ සැරිසරන තාරුණ්‍යයේ මැදිහත්වීම මතයි. ඒත් ඒකට නියම වටිනාකමක් අපේ රටේ මේ කියන youth යූත් එකට ලැබිලා තියනවද කියල ලොකු ගැටලුවක් තියනවා. රටේ තාරුණ්‍යය මීට වඩා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට ඇවිත් හඩක් නැගිය යුතුයි.. තැටිය රත් වෙන වෙලාවට රොටිය පුච්චගන්න සමහර සමාජ නායකයින්, දේශපාලකයන් තරුණ හීන කුණු කොල්ලෙට මාර්කට් කරනවා.. ඔවුන්ගේ වටිනා අනාගතය නොයෙක් frame ප්‍රේම් ඇතුලේ හිරකරනවා. මේ සිස්ටම් එක වෙනස් කරන්න නම අපි හරි විදියට අප්ඩේට් වෙන්නම ඕනි.කල්පාන්තයේ හීන හොයන තාරුණ්‍යය කාගෙවත් මාර්කටින් මෙවලමක් විය යුතු නෑ.. විය යුත්තේ සීමාව දැනගෙන අපි අපිව හරිවිදියට මාර්කට් කරගැනීමයි. මෙවැනි වකවානුවක ඒක හරියටම යූස් කරන අය තමයි සමාජය වෙනස් කරන්නේ..
එක් එක් අන්තයන්ට අසු වී සමාජයට වැරදි ආකාරයේ මත දරන්නන් බිහිවීම අවම වීම නිසැකවම සිදුවිය යුත්තකි. රැඩිකල් මත දරන කෙල්ලෝ කොල්ලෝ මෙඩිකල් ගන්න තැනට වැටෙන්න ඕනි නෑ. විය යුත්තේ තම චින්තනය වැඩිකල් ගමනක් යන්න පුලුවන් අදහස් හා ක්‍රියාවලීන් සදහා යොමුකිරීමයි… අදට එච්චරයි… පහුවෙලා සෙට් වෙමු .. මීට සමාජෙන් සැපට බැට කාලා අද සමාජෙකටම ලියන හංසා…

]]>
https://www.samaje.lk/2020/06/27/%e0%b6%ad%e0%b7%8f%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba-%e0%b7%83%e0%b7%93%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b6%9c%e0%b7%99%e0%b6%b1-%e0%b6%bb/feed/ 0