මුලින්ම මම කතාවක් කියන්නම්.

එක්තරා කාලයක යුද්ධයකදී අවසාන මහ සටනට එක් සේනාධිපතියෙක් තම සේනාව සූදානම් කළාලු. එහෙත් විරුද්ධ පැත්තෙ සේනාව පිරිසෙන් වැඩිනිසා ඔහු සූදානම් කරන සේනාව යුද්ධෙන් පරදින බවට හැම දෙනාම බයෙන්ලු හිටියෙ. කොහොම හරි සේනාධිපති යුද්ධෙට ඉස්සර වෙලා සේනාවත් සමග ආගමික ස්ථානයකට ගියාලු. ඉන් පස්සෙ සේනාව එළියෙ නවත්වල ඇතුලට ගිහින් වැදල ඇවිත් අතේ තිබුණු කාසියක් පෙන්වල මෙහෙම කිව්වලු. ” පූජකතුමා කාසියක් දුන්නා. මේක උඩ දාන්න කිව්වා.. හිස පැත්ත වැටුනොත් අපි අනිවාර්යයෙන් දිනනවා.. ඉලක්කම් පැත්ත වැටුනොත් අපි පරදිනවා ” ඊට පස්සෙ මුළු සේනාවටම පේන්න සේනාධිපති කාසිය උඩ දැම්මලු. කාසිය හිස පැත්ත උඩට සිටිනසේ වැටුනලු. මුළු සේනාවම ජයඝෝෂා නගල මහත් උද්දාමයෙන් යුද්ධෙට ගිහින් යුද්දෙ දින්නලු… යුද්දෙ දිනල ඉවරවුනාට පස්සෙ සේනාධිපති ලගට ලංවුනු උපසේනාධිපති මෙහෙම කිව්වලු, ” දැක්කද අනුහස.. කාසිය අපිට හරිදේ පෙන්නල දුන්නා” එවිට මොකුත් නොකී සේනාධිපති තම අතවූ කාසිය අරන් පෙන්නුවාලු.. ඒ කාසියේ ඉලක්කම් පැත්තක් තිබිල නැහැ..දෙපැත්තෙම තිබිල තියෙන්නෙ හිස. මේ වෙලාවෙ මුළු ලෝකයටම මේ කතාව ගැලපෙනවා ආදර්ශයට ගන්නත් වටිනවා. එහෙම මම කියන්නෙ හිත රැවටෙන විදිය අපි දැනගත්තම ඔය ධනාත්මක චින්තන වැඩමුළුවලට සල්ලි නාස්ති කරන්නෙ නැතුව අපිටම දිනන්න පුළුවන්. හොදට හිතල බලන්න ඒක නෙවෙයිද ඇත්ත?

Previous articleතාරුණ්‍යය සීමාව දැනගෙන රැඩිකල් වුනොත් වැඩිකල් ඉන්න පුලුවන්…
Next articleමනමේ කුමරිය නැවතත් යා හැක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here